නඩුව පැරදීම අපේ ජයග්‍රහණයක්.රංජිත් පෙරළුණු පිට හොදයි කියයි.

මැතිවරණ කල් දමන ලෙස ඉල්ලා තම පාර්ශවය ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතික්ෂේප වීම සමගි ජන බලවේගය ලද ජයග්‍රහණයක් බව සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලබා දෙන සෞඛ්‍ය නිර්දේශ මත හා ඊට සුදුසු දිනයකදී ඡන්දය පැවැත්වීම ඒ හරහා සිදුවූ බවත් ජනතාවගේ ජීවිත සම්බන්ධව නොසළකා මැයි මාසයේ වුවද ඡන්දය පැවැත්වීමට රජය සූදානමින් සිටි බවද රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවා.

Leave a comment

Your email address will not be published.