විශාල ලෙස කෙරෙන මහජන ඒකරාශී වීම්වලට ඉඩදිය නොහැකි,පවිත්‍රා.

මෙවැනි වසංගත තත්වයක් හමුවේ විශාල වශයෙන් සිදුකෙරෙන මහජන එකතුවීම්වලට ඉඩදිය නොහැකි බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

එසේ විශාල ලෙස මහජන ඒකරාශී වීම් සිදුවන්නේ නම් කොරෝනා රෝගය නැවත ව්‍යාප්ත වීමේ අවධානමක් මතුවන බවද ඇය පැවසුවා.

ඊයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොළඹ පැවැත්වූ උද්ඝෝෂණය සම්බන්ධව අදහස් දක්වමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ බව පැවසුවාය.

Leave a comment

Your email address will not be published.