කරුණා ගෙන් යුද්ධයට ශත පහක වැඩක් වුනේ නෑ.ඔහු සමග හමුදාවට බාරවූ බහුතරය ළමා සොල්දාදුවන්,ෆොන්සේකා.

එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත් වී හමුදාවට බාර වූ කරැණා අම්මාන් ගෙන් යුද්ධය සදහා ශත පහක ප්‍රයෝජනයක් සිදු නොවූ බව සමගි ජන බලවේගයේ අපේක්ෂක හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඔහු සමග හමුදාවට බාරවූ 150 ක් පමණ වූ එල්ටීටීඊ සමාජිකයන්ගෙන් 80 පමණ ළමා සොල්දාදුවන් බවත් ප්‍රභාකරන් සමග පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේ දිගටම ගැවසුණු කරුණා අවම වශයෙන් ප්‍රභාකරන්ගේ නිවස තිබෙන තැන හෝ ආරක්ෂක හමුදාවන්ට නොපෙන්වූ බවද සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසුවා.

Leave a comment

Your email address will not be published.